ගිණුම්කරණ පද්ධතියකින් ඇති වාසි

ඔබගේ ව්‍යාපාරයේ තොග පාලනය කළ හැකි වීම සහ තොග පිළිබඳ විවිධ වාර්තා ලබා ගත හැකි වීම තොග සම්බන්ධයෙන් තීරණය ගත හැකිය. උදාහරණයක් වශයෙන් කල් පසු වූ තොග කුමක්ද, වැඩියෙන්ම අලෙවි වන තොග කුමක්ද, අඩුවෙන්න අලෙවි වන තොග කුමක්ද, විවිධ තොගය විකිණිය හැකි උපරිම සිල්ලර මිල සහ තොග මිල කීයද වශයෙනි.

ව්‍යාපාරයේ මුදල් ශේෂය බැංකු ශේෂ ක්ෂණිකව ගණනය කිරීමේ හැකියාව. ව්‍යායාපාරේ මුදල් සම්බන්ධ මනා පාලනයක් ඇති කර ගත හැකියි.

ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ගේ විස්තර සහ ව්‍යාපාරයේ සැපයුම්කරුවන්ගේ විස්තර මනාව සකස් කර ගත හැකි වීම. මෙමගින් ඔවුන්ගේ ශේෂ දැනගැනීම, ගිණුම් වාර්තා ලබා ගැනීම, මුදල් ගෙවූ සහ මුදල් ලැබීමට ඇති කාල පරාසයන් තීරණය කිරීම ආදී විවිධ දේ ඉටුකර ගත හැකිය.

ඔබ නිෂ්පාදකයෙක් නම් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය යෙදවීම, භාණ්ඩ නිෂ්පාදනය කිරීම සහ නිමි භාණ්ඩ පිරිවැය ගණනය කිරීම ආදී සිදුකරගත හැකි වීම තීරණය කරගත හැකි වීම.

ඔබගේ ව්‍යාපාරයේ වැටුප් සහ මානව සම්පත් කළමනාකරණය කිරීම සඳහා ඔවුන්ගේ තොරතුරු ඇතුලත් කරගත හැකි පද්ධතියක් නිර්මාණය කරගත හැකි වීම.

ව්‍යාපාරයේ පවතින ස්ථාන වත්කම් වන වාහන ගොඩනැගිලි උපකරණ යන්ත්‍ර සූත්‍ර පරිගණක ආදිය මනාව පාලනය කරගත හැකිවීම සහ ඒවා කාර්යක්ෂමව තම ව්‍යාපාර කටයුතු සඳහා යෙදවීමට අවශ්‍ය තොරතුරු ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ලබාගත හැකි වීම.

ඹබ හෝටලයක් හෝ වෙනත් සිල්ලර වෙළඳාම කගේ දෙන්නෙක් නම් point of sale නැමැති පහසුකම ලබාගැනීමේ හැකියාව.

ව්‍යාපාරයේ සාමාන්‍ය ගිණුම්කරණ කටයුතු ගණකාධිකාරීවරයකුගේ සේවය ලබා නොගෙන ඉටු කරගත හැකි වීම.

මීට අමතරව බොහෝ වාසි අත් කර ගත හැකි ආකාරයට මෙම ගිණුම්කරණ පද්ධතිය අප විසින් ඔබට සකසා දෙනු ලැබේ. මෙමගින් ඇත්තවශයෙන්ම ව්‍යාපාරයේ සියලුම තොරතුරු ඔබට තීරණ ගැනීම සඳහා උදව් කිරීමට හැකි වන ආකාරයට මෙම ගිණුම්කරණ පද්ධතිය සකසා දීම ඉටු සිදු කෙරේ. මෙමගින් ව්‍යාපාරයට සිදුවිය හැකි අතුරු ආබාධ අලාභ සහ ඒවා ඉවත් කර ගැනීම හෝ අඩු කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග දැනට ව්‍යාපාරයේ ලාභ උපරිම කර ගැනීමට සහ පාඩු අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ විමසා බැලීමට අවස්ථාව ලැබේ.

නොපමාව අප හා සම්බන්ධ වී ඉහත සඳහන් කළ වාසි ලබාගෙන සාර්ථක ව්‍යාපාරිකයකු වශයෙන් ඉදිරියට යමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.